
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන පෙරේදා (1) නුවරඑළිය පොලිසිය ඉදිරිපිට සහ සහ නගරයේ නොසන්සුන්කාරි ලෙස හැසිරි ඇතැයි කියන සිද්ධියෙන් පසු ඇමැති ආරක්ෂක අංශයෙන් කෙරුණු නියෝගයක් අනුව තොණ්ඩමන් මහතාගේ
ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනකුගේ ගිනි අවි පෙරේදා (1) තලවකැලේ පොලිසිය භාරයට ගෙන ඇත.
ගිනි අවි තලවකැලේ පොලිසියට භාර ගෙන පැය කිහිපයකට පසු ඉහළින් ලැබුණු නියෝගයක් මත එම ගිනි අවි යළිත් ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන්ට නිකුත් කර ඇතැයි කියති.ගිනි අවි භාර ගෙන පැය කිහිපයකට පසු ඒවා එම නිලධාරීන්ට යළි භාර දෙන ලෙස තලවකැලේ පොලිසියට ලද පොලිස් දුරකතන පණිවිඩයක් මත එම ගිනි අවි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට එසේ භාර දී තිබුණි.ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් පෙරේදා (1) රාත්‍රී 11.00ට පමණ තලවකැලේ පොලිසියට පැමිණ ගිනි අවි භාර ගෙන රැගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval