
තලවතුගොඩ, පන්නිපිටිය පාරේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක සේවිකාවක් හදිසියේ රෝගී වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි තලංගම පොලීසිය සඳහන් කරයි.
මහියංගණ, මාපාකඩ වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි නැතැත්තියක මෙසේ මරණයට පත්ව ඇත. මියගිය කාන්තාව නිවාඩු ලබා ගම් ප්‍රදේශයට ගොස් පෙරේදා (15දා) සවස සේවය කරන ස්ථානයට පැමිණ සුළු මොහොතකදී ඇයට කලාන්තය සෑදී බිම වැටී ඇත. අනතුරුව එහි සිටි පිරිස තලංගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන යාමෙන් අනතුරුව ඇය මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබිණි. තලංගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval