
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ නිව්යෝර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 77ක් පමණි.මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර 20යි 20 පිටියේ වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් වුණි.ඒ අනුව ලකුණු 78ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2කදී කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.ඒ අනුව කඩුලු 06ක ජයක් හිමි විය.

Comments
Post a Comment
Your comment will be visible after approval