
අද (13) අලුයම දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව ඇති අතර ඒ නිසා මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇත.
මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති නමුත් මාර්ගය අවහිරවීම යථා තත්වයට පත්කිරීමට කාලයක් අවශ්‍යවී ඇත.
අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැකි බව පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහහැතැක්ම පොලීසිය සිද්ධිය ගැන විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval