
පවතින අයහපත් කාලගුණය හා ගංවතුර තත්වය නිසා පාසල් වෙත සිසුන්ට පැමිණීමට අපහසු බැවින් හෙට (03) පාසැල් පැවැත්වීම පිළිබඳ ගැටලුවක් මතුව ඇත. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට (03) වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කර ඇත.නැවත විවෘත කිරීම අධ්‍යාපන ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇති බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් පවසයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා අධික වර්ෂා තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 9ක නායයෑමේ අවදානම් කලාප තවදුරටත් වැඩිවී ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ මෙම අවදානම හෙට උදෑසන 7:00 දක්වා බලාත්මක බවකි.
ඒ අනුව කොළඹ, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට තුන්වන අදියර හෙවත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙන අතර කළු හා නිල්වලා ගංගා මහා ගංවතුර අවදානමට ලක්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval