
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ, අද (07) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදියි.
කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති සාකඡාවෙන් පසු එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරිවසම් මහතා කියා සිටියේය.
“මේ රැස්වීම පැවැත්වෙන්න මූලිකවම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු විශේෂයෙන්ම ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ඒ කටයුතු ශක්තිමත්ව කිරීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වුණා.ඒ සම්බන්ධයෙන් මුහුණ දෙන්න පුළුවන්.ඒ අනුව පක්ෂයේ ජාතික කැඳවුම්කරු හැටියට නව තනතුරක් හැටියට පක්ෂ වයවස්ථාවට ඇතුළත් කළා.
ඊටපස්සේ විධායක ස්භා මණ්ඩලය ඒකමතිකව ඒ තනතුර සඳහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ නාමය අනුමත කළා.
ඒ අනුව එතුමා අද සිට පක්ෂ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට විතරක් නෙවෙයි. ජාතික කැඳවුම්කරු හැටියට කටයුතු කරනවා.”
පසුගියදා කෝප් කමිටුවේ සභාපති තනතුරටද රෝහිත අබේගුණවර්ධන පත්වූ නමුත් ඔහුගේ පත්වීම පිළිකුල් කරමින් සාමාජිකයින් එයින් ඉල්ලා අස්වී තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval