
යතුරුපැදියේ යමින් මහමග ගමන් ගන්නා ළාබාල දැරියන්ට ලිංගික අතවර කළ බව කියන 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ව්‍යාපාරික ස්ථානයකදීය. පා ගමනින් අමතර පන්ති කරා යමින් සිටින ළාබාල දැරියන්ගේ පසුපස හා ළැම පෙදෙස මිරිකමින් යතුරු පැදියකින් ගමන් කරන කිසියම් පුද්ගලයකු එලෙස ලිංගික අතවර කර පළායන බවට තොරතුරක් ලැබුණු බව පොලිසිය කියයි.
එකී පැමිණිලි විශේෂ පැමිණිලි සේ සලකා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගදර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කර අදාළ සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සිය සහෝදරයාට අයත් යතුරුපැදිය ඒ සඳහා යොදා ගත් බවට අනාවරණය වීමෙන් අනතුරුව යතුරුපැදිය ද පොලිස් බාරයට ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval