
මොනරාගල බස් නැවතුම්පොළේ බස් රථයකදී අමෙරිකානු ජාතික 30 හැවිරිදි කාන්තාවකට අතවර කළ සැකකරුවකු ඉකුත් දා (06) මොනරාගල පොලිසිය මඟින් බුද්ධි නිලධාරීන්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්වූ කාන්තාව බිබිල අධ්‍යාපන කලාපයේ පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස සේවය කරයි. ඇය සේවා ස්ථානයට යෑමට මොනරාගල බස් නැවතුම්පොළේ බස් රථයක සිටියදී බස් රථ පිරිසිදු කරන සේවකයකු විසින් ඇයගේ ඇඟපත අතගා අතවර සිදු කර තිබිණ.
සැකකරු 15 කණුව කීණගොඩපාර බකිනිගහවෙල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ඊයේ (07) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොනරාගල මූලස්ථාන පො.ප.පී.එස්. චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා ප්‍ර.පො.ප. ගමගේ මහත්මිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ඌව - ඩී.එස්. ගුණතිලක
Comments
Post a Comment
Your comment will be visible after approval