
කතරගම පොලිසියේ නිලධාරීන් තිදෙනකු රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී ජංගම දුරකතනයකින් එම නිලධාරීන් තිදෙනා වීඩියෝ ගත කර ඔවුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණේ යැයි කියන 24 හැවිරිදි
තරුණියක් කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සෙල්ල කතරගම පූජා භාණ්ඩ අලෙවිසලක වෙළෙඳ සේවිකාවකි. මාර්ගය අවහිර වන ලෙස ලොරියක් නතර කර තිබෙන අයුරු දුටු මෙම පොලිස් නිලධාරීන් තිදෙනාරියැදුරුට එම රථය රථ ගාලේ නතර කරන ලෙස උපදෙස් දී නැවතත් රථ වාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිට ඇතැයි කතරගම පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
මේ අවස්ථාවේ වෙළෙඳ සේවිකාව එම පොලිස් නිලධාරීන් තිදෙනා ඇය සතුව තිබූ ජංගම දුරකතනයෙන් ඡායාරූප සහ වීඩියෝ ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.එසේ කරන්නේ ඇයි දැයි පොලිස් නිලධාරීන් තිදෙනා තරුණියගෙන් විමසූ අවස්ථාවේදී ඇය අසභ්‍ය වචනයෙන් එම නිලධාරීන් තිදෙනාට බැණ වැදී ඇති බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත තරුණිය අත්අඩංගුවට ගෙන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval