
සංගීත ප්‍රසංගයකදී තරුණයකුගේ ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීයයි.සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවද සඳහන් වේ.
එම තරුණිය කළුතර ගමගොඩ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයකු සමග නර්තනයේ යෙදී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.එහිදී උරණ වූ සැකකරු නර්තනයේ යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සඳහන් වේ.ගෙලට බරපතළ තුවාල ලබා සිටි තරුණයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරිහුද පරීක්ෂණ සිදුකළහ. ඝාතනය සිදුකළ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඒ සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
සුනිල් එස්. තන්ත්‍රිආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval