
පොලිස් විශේෂ කාර්ය බළකායේ අළුත්ගම කඳවුරේ නිලධාරීන් ඉකුත් 12 වැනිදා රාත්‍රි කළුතර සිරිකුරුස වටරවුම අසල කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සහ ප්‍රවාහනය කරමින් සිටි කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අරක්කැමියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අළුත්ගම කඳවුරේ අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩබ්ලිව්.එස්. ජයකොඩි මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.
මෙහිදි කළුතර විලේගොඩ පදිංචි පොලිස් විද්‍යාලයේ අරක්කැමියෙකු වන 25 හැවිරිදි අය සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 21යි, මිලිග්‍රෑම් 525 ක්ද ,කළුතර පන්විල පදිංචි 'පන්විල සුරංග' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 8164 ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය දකුණු කළුතර පොලිසියට භාර දී ඇති අතර මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
(සුනිල් ස්ටැන්ලි)
Comments
Post a Comment
Your comment will be visible after approval