
හංවැල්ල ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 08 දෙනා අධිකරණයට ඊයේ (24) යළි ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.

හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබිණි.මෙදින වනවිටත් අතවරයට පත් දැරිය රෝහල් ගතව සිටින බැවින් ඊයේ 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව කල් තබා ලබන නඩු දිනයේදී පළමු සහ තුන්වැනි සැකකරුවන් දෙදෙනා හැර අනෙක් හය දෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නියෝග කෙරිණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රණාල ජල්තර ආනන්දපුර පදිංචිකරුවකු වන කංකානුලාගේ මනුජ සස්මික, දැඩිගමුව දැඩිමුත්තුඩුව නානායක්කාර මලිගස්පේ කෝරලගේ විදුර අවිශ්ක, රනාල ජල්තර ගලහිටිය විතානගේ ලහිරු දිල්ෂාන් පෙරේරා, පාදුක්ක බටවල වල්පිට දේවමුනිගේ නිඛිල දුලංජන, දැඩිගමුව ලෙනගල තිලංක විජේතුංග,

පැමිණිල්ල වෙනුවෙන් හංවැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සුජිත් ඕල්ටර් සහ උප පොලිස් පරීක්ෂක ඉන්දික යන මහත්වරුන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් සුමිත් පරාක්‍රම අනුරාධ වලිසිංහ සහ එරන්දි කෞශල්‍යයා යන නීතිඥ දෙදෙනා පෙනී සිටියහ.ඉකුත් පොසොන් පොහොය දා තම පෙම්වතා හමුවීමට ගොස් නැවත නිවෙස බලා යමින් සිටි දාසය හැවිරිදි දැරියක යතුරු පැදියක නංවාගෙන ගොස් ජල්තර සුසාන භූමියේ ඉදිකරමින් පවතින ආදානාගාරයකදී වරින් වර දැරිය අතවරයට ලක් කිරීම සහ ඊට අනුබලදීම යන චෝදනා යටතේ සැකකරුවෝ හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.
කේ. බුද්ධික කුමාරසිරි
Comments
Post a Comment
Your comment will be visible after approval