
චීන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවන විදේශිකයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ කාලසීමාව දින 60ක් දක්වා දීර්ඝ කිරිමේ එරට වෙරළාරක්ෂක බළකායේ නීතිරෙගුලාසි පසුගිය 15 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇතැයි ‘ජපෑන් ටයිම්ස්‘ පුවත් සේවය වාර්තා කළේය. එම නීතිරෙගුලාසි ක්‍රියාත්මක කර ඇත්තේ මතභේදයට තුඩු දී ඇති දකුණු සහ නැඟෙනහිර චීන මුහුදේ
උද්ගත වන උණුසුම මධ්‍යයේය. එය චීනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් යුතුව සිදු කර ඇතැයි ද ‘ජපෑන් ටයිම්ස්‘ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. චීන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන විදේශිකයන් දින 60ක් දක්වා රඳවා තබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබන්නේ සංකීර්ණ අවස්ථාවලදී පමණක් බවත්, සෙසු අවස්ථාවලදී අනවසර බෝට්ටු සහ යාත්‍රා ජල ප්‍රහාර එල්ල කර පලවා හැරීමට කටයුතු කරනු ඇති බවත් වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval