
කරුවලගස්වැව ප්‍රදේශයේදී ඊයේ (29) අලුයම ත්‍රිරෝද රථ රියදුරෙකුට තුවාල සිදු කළ රිය අනතුරක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ අලුයම ඔහුගේ වාහනය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී මෙම අනතුර සිදුකර ඇත.
ඔහු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා ඇත.
මීට වසර 6 කට ඉහත 2018 ජූනි මාසයේදීද යශෝධ රංගේ බණ්ඩාර බීමත්ව රිය අනතුරක් සිදුකර අත්අඩංගුවට පත්විය.
හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්ධියේදී එම අනතුර සිදුවූයේ යශෝධ පැදවූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවෙසක් තුළට කඩා වැදීමෙන් එම නිවෙසට හා කැබ් රථයට බරපතළ හානි සිදුකරගනිමිනි.
එවක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ පාලිත රංගේ බණ්ඩාර මෙම සිදුවීමෙන් පසු වාහනයේ තිබී හමුවූ බෝතලේ තිබුනේ වොඩ්කා නොව වතුර බවට ප්‍රකාශයක්ද සිදු කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval