
පසුගිය දිනවල ආන්දෝලනාත්මක ත්තවයකට හේතුවූ බුදුන් ශ්‍රී ලංකාවේ උපත ලද බවට අදහස් පළ කළ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල බින්තන නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ
බදුල්ලගම්මන සුමනසාර හිමියන් එම කතාබස් නිසා එම පදවියෙන් ඉවත් කොට ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාරිය පහමුනේ ශ්‍රී සුමංගල නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.අප්‍රියකාරී ශාසන විරෝධී ක්‍රියාවල නිරතව සිටීම හේතුවෙන් මල්වතු මහා විහාරයීය සානුස්නායක කාරක මහා සංඝ සභාව එම හිමියන් මෙසේ පදවියෙන් ඉවත් කළ බවද ලිපියේ සඳහන්වේ.බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කිරීම, මහා විහාර සම්ප්‍රදායන්ට හා ත්‍රිපිටක දේශනාවලට පටහැනිව බුදුන් වහන්සේ ලක්දිව ඉපදීම යනාදි සාවද්‍ය මත මතවාද ප්‍රචාරය කිරීම, මහා විහාර ගරුතර කාරක සංඝ සභාව අපහාසයට පත් කිරීම, චීවරය අවභාවිත කරමින් ශාසනය විනාශ කිරීම, මල්වතු මහා විහාරයේ කීර්තිනාමය බරපතළ ලෙස විනාශ කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සුමංගල හිමියන්ගේ නිවේදනයේ සඳහන්ව තිබේ.
ෂේන් සෙනෙවිරත්න

Comments
Post a Comment
Your comment will be visible after approval