
ගංවතුරේ වාහන ටියුබයක් පදිමින් සිටි 14 හැවිරිදි පිරිමි ළමයකු ටියුබය පෙරළී ජලයේ ගිලී පෙරේදා (05) සවස මියගොස් ඇතැයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බද්දේගම ගනේගම නැගෙනහිර පදිංචිව සිටි ගොඩේ ලියනගේ නයන තත්සර නමැති 14හැවිරිදි සිසුවෙකි.මියගිය සිසුවා වාහන ටියුබයක නැගි ගනේගම ඇටවරමුල්ල බන්ට් එක අසල ජලයේ පදිමින් සිටියදි ටියුබය පෙරළී ගොස් ජලයේ ගිලී ඇත. පසුව ප්‍රදේශවාසීන් එක්ව ළමයා ගොඩට ගෙන රෝහලට ගෙන ගොස් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඩී.ජී.සුගතපාල)
Comments
Post a Comment
Your comment will be visible after approval