
දුම්රියක ගැටී මිය යන්නට ඇතැයි සැකකෙරෙන විශ්වවිද්‍යාල සිසුවෙකුගේ මළ සිරුරක් ජා-ඇළ දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හමුවූ බව පොලිසිය පවසයි.
ජා-ඇළ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත 25 වැනි දින මෙම මළ සිරුර සොයාගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් වන මියගිය අය එච්.
අවිශ්ක සචේතන ජයවීර (23) යන අය බව පොලිසිය පවසයි. පල්ලම හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මියගිය තැනැත්තා කුමන හේතුවක් මත මෙම ප්‍රදේශයට පැමිණියේදැයි අනාවරණය නොවන බව පොලිසිය කියයි.
අලුයම් කාලයේ කොළඹ - හලාවත දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති බව පොලිසිය සැක කරයි. උදෑසන මෙම දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රියක රියැදුරු මහතකු දුම්රිය මඟෙහි පුද්ගලයකු වැටී සිටිනු දැක
ඒ සම්බන්ධයෙන් ජා-ඇළ දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ජා-ඇළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අවිශ්ක සචේතන ජයවීර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ තෙවැනි වසර සත්ව විද්‍යා උපාධිය හදාරමින් සිටි සිසුවෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval