
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ සහෝදරියට අයත් මහනුවර තල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක ඊයේ (4) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවකු නොසිටි බවත්, ඒ පිළිබඳව අසල්වැසියෙකු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත්ය. ගින්න හේතුවෙන් නිවසේ වහලයට දැඩි හානි සිදුව තිබේ. අභ්‍යන්තර හානිවල ප්‍රමාණය නිහ්චිතව ගණනය කර නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval