
ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු බුද්ධ ශාසනයට පූජා කළ බව කියන අඩි 3 ක් පමණ උස පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකිණීමට සූදානම් වූ යකැදුරෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගමුව කුරුවිට, ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් සහ කොස්තාපල් 91287 සංජීව යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.
රන්, රිදී, පිත්තල, තඹ සහ සුදු යකඩ වලින් මෙම බුදුපිළිමය නිර්මාණය කර ඇති බව පොලිසිය පවසයි. අඩි 3 යි, අඟල් 1 ක් උසින් ද අඩි දෙකහමාරක් පළලින් ද යුක්ත මෙම බුද්ධ ප්‍රතිමාව කිලෝ 48 ක් බරින් යුක්ත බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගැනුණ යකැදුරා බලි තොවිල්, ශාන්තිකර්ම, ගුරුකම් හා විවිධ ප්‍රතිකාර සිදු කරන්නකු බවත් නුවර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මීට වසර කීපයකට පෙර මෙම බුදුපිළිමය ලබාගෙන ඇති බවත් පොලිසියට අනාවරණය වී ඇත.
ගයාන් සූරියආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval