
කොටුගොඩ රද්දොළුගම නිවාස සංකීරණයේ තෙමහල් ගොඩනැගිල්ලක විශාල ප්‍රමාණයේ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹර ප්‍රහාරයකට ලක් වූ දෙදරු පියකු මියගොස් කුඩා දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලීසිය සදහන් කරයි.
රද්දොළුගම පදිංචිව සිටි නන්ලයියා පාපන් (68) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. කුඩා දරුවන් දෙදෙනෙකුට හා වැඩිහිටියන් කිහිප දෙනෙකුට බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර කුඩා දරු දෙදෙනා හා මියගිය අය මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. අනතුරුව හැට අට හැවිරිදි දෙදරු පියා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.රද්දොළුගම නිවාස සංකීර්ණයෙහි විහාරස්ථානය අසල වෙසෙන ජනතාවගේ ජීවිතවලට මෙම බඹර කූඩුව මහත් තර්ජනයක්ව ඇතැයිද මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත් ඵලක් වී නැතැයි ද ප්‍රදේශවාසීහු කියති.
Comments
Post a Comment
Your comment will be visible after approval