
ඉකුත් 23 වෙසක් පොහෝ දින රාගම පොලිස් වසමේ නිවසක් තුළ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට සැක පිට මිය ගිය අයගේ බිරිඳ හා තවත් බස් රථ රියැදුරකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් 23 දා අලුයම 04.00 ට පමණ කළු පැහැති කබායකින් සැරසුණු පුද්ගලයකු සිය සැමියාට පිහියකින් ඇන ඝාතනය කර පලා ගිය බව පවසමින් මියගිය අයගේ බිරිඳ විසින් රාගම පොලිසිය ට පැමිණිල්ලක් කර තිබේ.
අදාළ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වු රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් රාගම විහාර මාවතේ නිවසක් තුළ ඝාතනය වී සිටි එම්. ඒ. තිළිණ සම්පත් (42) යන අයගේ මළ සිරුර සොයාගෙන ඇත. පසුව කළ මූලික පොලිස් පරීක්ෂණවලින් පසු ඝාතනය සිදු කළ බවට ලංගම බස් රියදුරකු හා ඝාතනයට ආධාර අනුබල දීම ගැන මිය ගිය අයගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 24වන දින වැලිසර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ කටයුතු රාගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.
ජාඇළ ප්‍රසංග පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval