
ජංගම දුරකතනය ආරෝපණය කිරීමට යාමේ දී විදුලිසැර වැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි විහිගි නෙතාෂා නමැති දැරියක බව පොලිසිය කීය.
මියගොස් ඇති දැරිය නිවසේදී ජංගම දුරකතනයක් ආරෝපණය කිරීම සඳහා සූදානම් වීමේ දී විදුලි සැර වැදී ඇති අතර, බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති බව සදහන් වේ. මෘතදේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිත බව සඳහන් වේ.පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(තුසිත කුමාර ද සිල්වා)
Comments
Post a Comment
Your comment will be visible after approval