ol-science-free-2-marks

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නගත විද්‍යා ප්‍රශ්න පත්‍රය සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසූවේය.


මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් වෙනම විමර්ශනයක් කර එම චෝදනාව සත්‍ය බවට පිළිගැනීම නිසා
එලෙස ලකුණු 2ක් පිරිනැමීමට තීරණය කර ඇත්තේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 ප්‍රශ්න සඳහා බව වාර්තා වේ.
පසුගිය වසංගත සමයේ සිදුවූ අධ්‍යයන පාඩු සලකා නිකුත් කර තිබූ විභාග ප්‍රශ්න සකස්කිරීමට අදාළ උපදෙස් නොසලකා මෙම ප්‍රශ්න දෙක සකසා තිබූ අතර
විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ තම දෙපාර්තමේන්තුව පැත්තෙන් වරද පිළිගෙන සිසුන්ට අසාධාරණයක් නොවීමට මෙම නිදහස් ලකුණු ලබාදීමට පියවර ගත් බවයි.


අධ්‍යාපන අමාත්‍යාංශය 11 වැනි සහ 12 වැනි ශ්‍රේණිවල දරුවන්ට 2021 වසරේ අහිමි වූ කාලය වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳ දී ඇති උපදෙස් වලට පටහැණිව විද්‍යා ප්‍රශ්න පත්තරයේ බහුවරණ ප්‍රශ්න තුනක් සහ රචනා ප්‍රශ්න තුනක කොටස් තුනක් ඇතුළත් කර තිබූ බව මේ ගැන පැමිණිලි කළ අය දන්වා තිබූ අතර අවසානයේ විභාග කොමසාරිස්වරයා වරද සිදුව ඇතැයි පිළිගෙන තිබෙන්නේ බහුවරණ ප්‍රශ්න 2ක පමණි.