namal-missed-presidency

ඉදිරි ජනාධිපතිවරණයට නාමල් රාජ්‍යක්ෂ මහතා  ඉදිරිපත් නොකරන බවත්, ඔහුට ඒ සඳහා තව කල් ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතා පැවැසීය. ජනාධිපතිවරණය සඳහා දිනිය හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද ඔහු සදහන් කළේය.



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහය ඉල්ලා නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනපතිවරණ අපේක්ෂකයා කවුදැයි පක්ෂය ඉදිරි දිනවල තීරණය කරනු ඇතැයි ද සඳහන් කළේය. ඔහු මෙසේ පැවැසුවේ වැල්ලවත්තේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය  කළ විමසුමකදීය.