
ප්‍රකට භෞතික විද්‍යාඥ ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට 79 වන වියෙහි පසුවිය.
දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙකු වූ ඔහු ජාතික චින්තනය, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හා විවිධ දේශපාලන මතවාද නිසා ප්‍රකටව සිටියේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ ඔහු පසුව කැලණිය විශ්ව විද්‍යාලයේද සේවය කළේය. කැලණි විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරයද දැරුවේය. කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.
1944 ඔක්තෝම්බර් 20 වන දින පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා පානදුර බෞද්ධාලෝක මහා විද්‍යාලය , කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ හා එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත.
නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර කළ විප්ලවීය කථාබස් කලක් ආන්දෝලනයක් ඇති කලේය.කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහු නෙරපා හරිනු ලැබුවේ විශ්වවිද්‍යාලය තුළ නීති විරෝධී දේශපාලන කටයුතුවල නිරත වීම හේතුවෙනි. පසුව ලියූ ලිපිවල ඔහු සිද්ධිය විස්තර කර ඇත.
නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි.
1986 දී ඔහු විසින් ‘මගේ ලෝකය‘ කෘතිය තුළින් දර්ශනවාදී අදහස් ඉදිරිපත් කලේය.
ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.
මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය . ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇත.
ඔහු 1970 දී විවාහ වන අතර ඔහුට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval