
මොනරාගල නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුරදී බීමතින් කලහකාරී ලෙස හැසිරුණු තරුණයකු රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරයකුගේ ගෙල සිර කර, මුහුණ සපා කා, පහරදී, පලා යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව මොනරාගල මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
තරුණයා පොලිසියේ මේසයක් මත තිබූ වීදුරුවකට ද පහරදීම නිසා ඔහුගේ අතක් ද කැපී තුවාල සිදු වී ඇතැයි පොලිසිය කියයි. සැකකාර තරුණයා පොලිස් ආරක්ෂාව යටතේ මොනරාගල මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසු වන අතර, තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ද මෙම රෝහලේම ප්‍රතිකාර ලබමින් පසු වෙයි.බීමතින් කලහකාරි ලෙස හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් සිර මැදිරියෙන් ඉවතට ගත් අවස්ථාවේ මෙවැන්නක් සිදු කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු මොනරාගල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval