
ඩුබායිහීදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මිදිගම රුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් දිවයිනට රැගෙනවිත් තිබේ.
ඩුබායි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් එරට පොලිසිය මිදිගම රුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ලංකාවට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පසුව හඳුනා ගැනිණි.
ඒ අනුව ඩුබායි පොලිසියේ දැනුම්දීම ප්‍රකාරව ඔහු දිවයිනට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් ඔහු රැගෙන ඩුබායි සිට මිදිගම රුවන් කටුනායක ගුවන් තොටුපළ වෙත අද රැගෙනවිත් තිබේ.
අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහු පොලිස් නිලධාරීන් රැගෙන ගොස් තිබේ.
මිදිගම රුවන්, පාතාල කල්ලි නායකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා බව වාර්තාවේ.
හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගියදා මුදා ගැනීමට සැලසුමක් සකස් කර තිබුණේ ද මිදිගම රුවන් බව පැවසිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval