
කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමින් යුත් දුරකතන අඩංගු බෑගයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
(26) සවස මෙම කොල්ලය සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පැමිණි පුද්ගලයා පිස්තෝල වර්ගයේ අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර යතුරු පැදියක නැඟී පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් එම ආයතනයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් සම්බන්ධයෙන් ද සැකයක් හටගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අදාළ කොල්ලය සීසීටීවී කැමරාවක ද සටහන් වේ. කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම - බිමල් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval