
ලැට්වියා දේශසීමාව හරහා නීතිවිරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට දේශ සීමා ආරක්ෂකයන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගෙන දේශ සීමා පසුකිරීමට උත්සාහ දැරූ එක් මෝටර් රථයක ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සිට ඇති අතර ඔවුන් හට වලංගු ලැට්වියා නේවාසික වීසා බලපත්‍ර තිබු බව ද දේශ සීමා ආරක්ෂකයන් පවසා ඇත.
එහෙත් එහි සිටි ආසියානු සම්භවයක් සහිත අනෙක් පුද්ගලයන්ට කිසිදු වලංගු ලියවිල්ලක් නොතිබූ බව පවසා තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන්ට නීතිවිරෝධීව සංක්‍රමණිකයන් ලැට්වියාවට ගෙන ඒමට උත්සාහ කිරීමේ වරදට චෝදනා ගොනු කර ඇති බව සඳහන්ය.
ලැට්වියා ජනරජයේ නීතියට අනුව නීතිවිරෝධිව දේශසීමා තරනය කර වැරැදිකරුවන් වුවහොත් මෙම ලාංකිකයන්ට හිමිවන දඬුවම අවුරුදු දෙකේ සිට අට දක්වා කාලයක් විය හැක.
Comments
Post a Comment
Your comment will be visible after approval