
සති දෙකක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ නැමැති තරුණයාගේ මළසිරුර අද හලාවත මාදම්පේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් සිදුකළ පාපොච්චාරණ අනුව පරීක්ෂා කර සිරුර හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවසට නොපැමිනීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කර දින 12කට වැඩි කාලයක් තරුණයා සෙවීම සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකෙරුණු අතර පෙම්වතිය ඇතුළු නිවසේ සාමාජිකයින් ද එම ප්‍රදේශයෙන් පලාගොස් තිබියදී
මෙය ඝාතනයක් බවට තොරතුරු හෙලි විය.
තරුණයා අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තාගේ මස්සිනා කුලියාපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් දින දෙකකට යැයි කියා පසුගිය අප්‍රේල් 22 වැනිදා වෑන් රථයක් ඉල්ලාගෙන ගොස් පැහැරගැනීම සිදුකර ඝාතනය සිදු කළ බවට මෙතෙක් ලැබුණ සාක්ෂි මගින් අනුමාන කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අඛණ්ඩව පරීක්ෂණ සිදුකළ අතර දෙදෙනෙකු අත්අඩංගුවේ පසුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval