
කටුනායක ගුවන්තොටු පොළේ විසා ලබා ගැනීමේදී ඇති වූ ආන්දෝලනාත්මක
සිද්ධියදා වී.එෆ්.එස් ආයතනයට කටුනායක ගුවන්තොටු පොළ බලධාරීන්
අන්තර්ජාල සම්බන්ධතාව ලබාදී නොතිබුණු බවත් එම ආයතනයේ නිලධාරීන් ඩොංගල් උපයෝගී කරගෙන අන්තර්ජාල පහසුකම ලබාගෙන තිබූ හෙයින්
පද්ධතියට ඇතුළුවීම මන්දගාමීවී අනවශ්‍ය ප්‍රමාදයන් ඇතිව තිබූ බවත් එම හේතු නිසා මෙම අතර තැබ්බය සිදුවූයේ දැයි සොයා බැලීමට පරීක්ෂණයක්
සිදු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (6) පැවැසුවේය.
කටුනායක ගුවන්තොටු පොළේ නිලධාරීන් එම ආයතනයේ නිලධාරීන්ට අන්තර්ජාල පහසුකම් සපයාදීම සඳහා වයිෆයි ලබාදිය යුතු වුවද එම අවස්ථාවේදී කඩාකප්පල්කාරි පුද්ගලයන් වයිෆයි පහසුකම් අක්‍රීය කර තිබී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
අලස් මහතා ඒ බව පැවැසුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval