
හිටපු පාතාල කල්ලි සාමාජිකයකු වූ කලු තුෂාර නමැත්තාගේ පුත්‍රයා බව කියන තරුණයකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සමග පෙරේදා (25) රාත්‍රි මාතර පික්වැල්ල ප්‍රදේශයේ හෝටලයකදී ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාසය පවසයි.
එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක සංජීව මහතාට ලද තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් සන්තකයේ හෙරොයින් මත් කුඩු හා මත් පෙති පාර්සලයක් ද තිබී සොයා ගත් බවත් පොලීසිය කියයි.මහරගම කලු තුෂාර නැමැත්තා 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අතරතුරදී මිය ගියේය. අත් අත්අඩංගුවට ගැනුණ කලු තුෂාරගේ 24 හැවිරිදි පුත්‍රයා හා ඔහුගේ මිතුරන් තිදෙනා කොළඹ සිට මාතරට පැමිණ සිටි අතර සාදයක් සංවිධානය කිරීම වෙනුවෙන් හා පිස්තෝලයේ සිරවී ඇති පතොරම් කොපුවක් ඉවත් කර ගැනීම සදහා මාතරට පැමිණි බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි කියයි.කෙසේ වෙතත් ඔවුන් පැමිණි නිශ්චිත හේතුව සොයා ගැනීම සදහා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි. ඒ අනුව එම සැකකරුවෝ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
Comments
Post a Comment
Your comment will be visible after approval