
වෙළෙඳපොළේ මාළු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.මාළු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් මිලදී ගැනීම දුෂ්කර වී ඇතැයි ඔවුහු කියති.ඒ අනුව සිල්ලර වෙළෙඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 2520කටත්, පරා 2200කට, තලපත් 2800කට, හැඩැල්ලා 1800කට, හුරුල්ලා 1160කට, සාලයා 750කට, ලින්නා 990කට, අලගොඩුවා 1250කට, ඉස්සා රුපියල් 2600කට අලෙවි වන බවද ඔවුහු පවසති.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් ඇති අතර කෙලවල්ලා රුපියල් 1600කටත්, තලපත් 1900කටත්, බලයා 1200කටත්, පරා 1450කටත්, හුරුල්ලා 900කටත්, සාලයා 650කටත්, ලින්නා 850කටත් කිස්ලෝවක් අලෙවි වූ බවද ඔවුහු කියති.
නිමල කොඩිතුවක්කු
Comments
Post a Comment
Your comment will be visible after approval