diana-gamage

 
සමගි ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කළේය.ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළහ.




රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගම්‍ය වෙයි.



සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට  නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

විනිසුරුවරුන් තිදෙනාම මෙහිදී ඒකමතිකව තීන්දුව ලබා දී ඇති බව දැනගන්නට තිබේ.