damitha-speaks
තමන් පසුගිය දිනෙක අත්අඩංගුවට ගත්තේ අනීතිකව බව පවසමින් ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

ඇය පවසන්නේ දේශපාලනික වශයෙන් සජිත් ප්‍රේමදාසට තමා සහය දැක්වීමට පටන්ගත් පසු කුමන්ත්‍රණකාරී ලෙස තමා වරදකට පටලවන ලද බවයි.


මේ අතර එම පැමිනිල්ල දැමීමට පෙර සමාජමාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්

රංගන ශිල්පිණි දමිතා අබේරත්න සඳහන් කළේ ඉරාජ් වීරරත්න ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් සහ බංකොලොත් වූ පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමන්ට බන්ධනාගාරගත වීමට සිදුවූ බවයි.

මිලියන තුනක මුදල් වංචාවක් කළ බවට තමන්ට චෝදනා එල්ල කරන පුද්ගලයා එය සිදු කරන්නේ ජනප්‍රියත්වය ලබාගැනීමට බවත් අරගලයෙන් පසු මෙම පුද්ගලයා තම නිවසට එවන ලද්දේ සැලසුම් සහගතව බව පැවසූ ඇය තම සැමියාට එම පුද්ගලයා ඩුබායිහි බන්ධනාගාරයකදී මුණ ගැසී ඇති බව කියා සිටියාය.


මෙම පුද්ගලයා තම නිවසට එවන ලද්දේ කිසියම් අයෙකුගේ සැලසුමක් අනුව බවට සැකයක් ඇතැයි පවසන ඇය එම පුද්ගලයා ලවා තම දෙපා මසාජ් කරගත්තේදැයි යැයි විමසූ විට සඳහන් කර තිබුණේ ‘පිස්සුද අයියේ ඔය වගේ ගඳගහන උරුලෑවෙක්ට කියල මගේ කකුල් මසාජ් කරගන්නව ද මං’ යනුවෙනි.