
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැති කොළඹ දිස්ත්‍රික් ත්‍රෝ බෝල් සංගම් නිලවරණයේදී (2024 - 26) සභාපති ධූරයට මිචෙල් ද ක්‍රෙට්සර් මහත්මිය පත් වූවාය.ඇය හිටපු දැල්පන්දු ක්‍රීඩිකාවක්ද වන අතර නව ධූරයට පත් ඇය පැවැසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රෝ බෝල් ක්‍රීඩාව නැංවීම සදහා සිය විධායක සභාව සමග එක්ව විධිමත් වැවැඩපිළිවෙළක් ක්‍රියාවට නගන බවයි.
එහිදී සංගමයේ ප්‍රධාන අනුශාසකවරුන් ලෙස අරවින්තන් රාසනායගම්, භාතිය මුණසිංහ හා සුමේධ ගම්ලත් යන මහත්වරුන් පත් කර ගනු ලැබූහ.
කොළඹ දිස්ත්‍රික් ක්‍රෝ බෝල් සංගමයේ නව විධායක සභාව (2024-26)
සභාපති :- මිචෙල් ද ක්‍රෙට්සර් මහත්මිය
ලේකම් :- යස්මින් ධර්මරත්න මහත්මිය
උප සභාපතිනි :- මෙලානි පෙරෙයිරා මහත්මිය
භාණ්ඩාගරික :- නිශාන්ති ධර්මප්‍රිය මහත්මිය
තරග හා විභාග කටයුතු සැළසුම් ලේකම් :- පද්මා කරුණාරත්න මහත්මිය
උප ලේකම් :- දර්ශනී වර්ණකුලසූරිය මහත්මිය විධායක සභික ධුර :- ගිහාන් සංසජිත්, එම්. පවාස්, ශිරෝමිණී කිංස්ලි, නිලන්ති චන්ද්‍රරත්න, නිරාෂා ප්‍රනාන්දු, සාගරිකා ගුණසිංහ, ජෙනිපර් කොස්තා, සුනීතා ඇල්වත්ත, අනුෂා විලාරච්චි යන මහත්ම මහත්මීන්
Comments
Post a Comment
Your comment will be visible after approval