
කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් වයස අවුරුද්දයි මාස හතක දරුවකු මියගොස් ඇතැයි සාලියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සාලියවැව යාය හත ප්‍රදේශයේ පදිංචි සචීන් දුල්සද උපද්‍ය නමැති දරුවෙකි.
මව ආහාර පිසමින් සිටින අවස්ථාවේ මියගිය දරුවාගේ සහෝදරිය වූ අවුරුදු 4ක් වූ පුංචි දියණිය විසින් මල්ලීට කැරට් කැබැල්ලක් ලබාදී ඇත.
එය උගුරේ සිරවීමෙන් දරුවා අපහසුතාවට පත්ව ඇත.
පසුව මව සහ පියා එක්ව කැරට් කැබැල්ල පිටතට ගැනීමට උත්සාහ දරා තිබේ.එය සාර්ථක නොවීම හේතුවෙන්
පසුව දෙමාපියන් විසින් 1990 ගිලන් රථයක් ගෙන්වා දරුවා නොච්චියාගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
ඒ අතරතුර දරුවා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණය වී ඇත්තේ කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මරණය සිදුව ඇති බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval