buru-nirosha-story

නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන මාලඹේ ‘බූරු නිරෝෂා’ නමැත්තිය හෙරොයින් ග්‍රෑම් 21 ක් සහ මිලිග්‍රෑම් 240 ක්ද සමග පෙරේදා (1) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයකුගෙන් සැකකාරිය මත්ද්‍රව්‍ය ලබාගෙන ජාවාරම් කරන බවට පොලිසියට තොරතුරු අනාවරණයවී ඇත.සැකකාරිය ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරන බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මාලඹේ සුභීතිපුර හන්දිය  අසලදී සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවාය.



සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් මිලිග්‍රෑම් 12 ක් සහ මිලිග්‍රෑම් 810 ක් ඇය සන්තකයේ ඇති අතර වැඩිදුර සිදුකළ විමර්ශනවල දී සැකකාරිය පදිංචි බෝගහවත්ත, හෝකන්දර ප්‍රදේශයේ නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 430 ක් සොයාගෙන ඇත.සැකකාරියට අයත් ත්‍රිරෝද රථයකින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා ඇයට සහාය දැක් වූ ත්‍රී රෝද රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



සැකකාරිය මාලබේ සුඛෝපභෝගී නිවෙසක රැඳී සිටිමින් බූරුවා ගැසීම හා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සැකකාරිය මීට පෙර මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පැමිණ නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් දැනට බන්ධනාගාරගතව සිටින සැකකාරියගේ අනියම් සැමියාගේ නඩත්තුව සඳහා දිනකට රුපියල් 10,000 ක් ලබාදෙන බව ද අනාවරණයවී තිබේ.අත්අඩංගුවට ගත් සැකකාරිය රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතව සිටියාය.
 ගයාන් සූරියආරච්චි