Investigations-on-the-body-of-the-Sri-Lankan-found-in-the-burnt-car-in-Norway

ඊයේ (8) නෝර්වේහි මාර්ගයක් අසළ ගිනිගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ පිලිස්සී මියගොස් සිටි පුද්ගල සිරුරක් හමුවූ අතර එසේ මියගිය අය ගැන හමුවූ හැඳුනුම්පතක් ඔස්සේ එරට පොලිසිය පරීක්ෂණ පවත්වා තිබේ.


 නෝර්වේ රාජ්‍යයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් සිටියේ ශ්‍රී ලංකාවේ යාපනයේ පදිංචිව සිට මීට වසර 6 කට පෙර එරටට රැකියාවක් සඳහා ගොස් සිටි පුද්ගලයෙකු බව පසුව හෙලි විය.

නෝර්වේ පොලිසිය ඊයේ (08) තොරතුරු අනාවරණය කරගත් ආකාරයට දෙදරු පියකු වන අරසරත්නම් දුෂ්‍යන්තන් නැමැති ඔහු නෝර්වේ රාජ්‍යයේ සිය පවුල සමඟ ජීවත් වූ අයෙකු බව අනාවරණය කරගෙන තිබේ.
පවුලේ අය පැමිණ සිරුර හඳුනාගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ගිය නෝර්වේ පොලිස් නිලධාරීන් පිරිසක් මියගිය පුද්ගලයාගේ මළ සිරුරේ කොටස් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය සියදිවිනසාගැනීමක්ද නැතිනම් කාර්මික දෝෂයක් නිසා සිදුවූ ගිනිගැනීමක් මත සිදුවූ මරණයක්ද යන්න පැහැදිලි නැතැයි පවසා ඇත.

මරණය සියදිවි හානි කර ගැනීමක්ද එසේ නොමැති නම් ඝාතනයක්ද යන්න පිළිබදව  පරීක්ෂණ පවත්වා ගෙන යන බව නෝර්වේ පොලිසිය පවසා තිබේ.