
පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ගම්මානයක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.ප්‍රදේශවාසීන් පැවසුවේ ගල් හා ගස් මධ්‍යයේ වැළලී ගිය පුද්ගලයින් හමුවූ බවයි.නිවාස සමතලා වී ගොස් ඇති බැවින් මුදා ගැනීමේ මෙහෙයුම අභියෝගාත්මකවී තිබේ.
ඕස්ට්‍රේලියානු (ABC) ප්‍රවෘත්ති වාර්තාවකට අනුව සිකුරාදා අලුයම පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ගම්මානයකට සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගියහ.
පැපුවා නිව්ගිනියාවේ
අගනුවර වන පෝර්ට් මොරෙස්බිට කිලෝමීටර් 600ක් පමණ වයඹ දෙසින් (ප්‍රාදේශීය
වේලාවෙන්) අලුයම 3 ට පමණ වයඹ දෙසින් පිහිටි එංගා පළාතේ කඕකලම් ගම්මානයේ මෙම
නායයෑම සිදු විය.

Comments
Post a Comment
Your comment will be visible after approval