
තම සැමියා වන හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්. බංඩාරගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බව ඇයගේ බිරිය වන ඩී.කේ. ඉනෝකා උපේක්ෂිතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ එම සිද්ධියට අදාළ මරණ පරික්ෂණයේ සාක්ෂි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය ඉදිරියේ කැඳවු අවස්ථාවේ සාක්ෂි ලබා දෙමිනි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂක එස්. නන්දසේනගේ මෙහෙයවීම මත තවදුරටත් සාක්ෂි ලබාදෙමින් බේස්ලයින් පාර, දෙඔටගොඩ ලිපිනයේ පදිංචි ඉනෝකා උපේක්ෂිතා මහත්මිය මෙසේද කීවාය.
‘‘දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ මාගේ සැමියා වන එච්.එම්.කේ.ඩබ්. බංඩාර පෙණහලු ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටියා. එම රෝගී තත්ත්වය හේතුවෙන් ශල්‍යකර්මවලට භාජනය වුණේ නැහැ. උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය දින මහාමාර්ග ඇමැතිතුමා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
ඊට සහභාගි වීම සඳහා මාගේ සැමියා ද අනුරාධපුරයට පැමිණියා. එසේ පැමිණි දිනට පසු දින උදෑසන හදිසියේ මගේ සැමියා මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබුණා.
පසුව මා අනුරාධපුරයට පැමිණියා. එලෙස පැමිණ ගරු මහෙස්ත්‍රාත්තුමා ඉදිරියේ සැමියාගේ මළ සිරුර හඳුනා ගත්තා. හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් සැමියා මිය ගොස් ඇති බව වෛද්‍යවරුගෙන් දැන ගන්නට ලැබුණා. සැමියාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැහැ.’’
මේ අතර හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණ පරික්ෂණයේ වැඩිදුර සාක්ෂි ඉදිරියේදී කැඳවීමට පියවර ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාත පොලිසියේ උප පොලිස් පරික්ෂක එස්. නන්දසේනට නියෝග කළේය.
(උපාලි ආනන්ද - අනුරාධපුර )
Comments
Post a Comment
Your comment will be visible after approval