murdered-beauty-queen-landy-parraga

මීට දින කිහිපයකට පෙර පසුගිය ඉරිදා ඉක්වදෝරයේ හිටපු රූ රැජින තරඟකාරියක වූ 23 හැවිරිදි ලැන්ඩි පාරගා (Landy Párraga) අවන්හලක් තුළදී ඝාතනයට ලක්වූයේ ඇසුවන් කම්පනයට පත්කළ සිදුවීමක් ලෙසිනි.
මේ වනවිට ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන එරට පොලිසියට ඇය මරා දමන්නට ආ ඝාතකයින් ඇය සිටි අවන්හල හඳුනාගෙන පැමිණ තිබුනේ ඇය අවන්හලේ සිටියදී ලබාගත් ආහාර වේලේ ඡායාරූපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ එක්ලක්ෂ හැත්තෑතුන්දහසක් අනුගාමිකයින් සමග හුවමාරු කරගත් නිසා බවට තොරතුරු හෙළිව තිබේ.
ලැන්ඩි පාරගා ඉරිදා ඉකෝදෝරයේ ක්වේවෙඩෝ හි අවන්හලකදී ඝාතනයට ලක්වන විට ‘බූවල්ලා‘ මසින් පිළියෙළ කළ ආහාර බෙදූ පිඟානක් සමග සිටියාය. ඡායාරූපය සමග එවැනි විශේෂ කෑම සපයන අවන්හල ගැන ඉඟිය ඝාතකයින්ට දැනී තිබුණ අතර ඉන් සුළු මොහොතකට පසු ඇය වෙඩි තබා ඝාතනය කර තිබුණි. මෙම ඝාතනයේ CCTV කැමරා දර්ශනද බිහිසුණු සිදුවීමක් ලෙස එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.


ආහාර ගනිමින් සිටියදී අවන්හලට ඇතුළු වූ සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඇයට තුන් වතාවක් වෙඩි තබා ඇත.
කෙසේ වෙතත් ලැන්ඩි පාරගා ගැන පළවන පුද්ගලික විස්තර එතරම් හිතකර ඒවා නොවන අතර ඇය මත් ජාවාරම් කරුවෙකු සමග පැවති ප්‍රේම සම්බන්ධයක් නිසා මෙම කරදරයට ලක්වූ බවට වාර්තා පළව තිබේ.
ලීන්ඩ්‍රො නොරෙරෝ  Leandro Norero නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සබඳතා ඇය පැවැත්වූ බවත් සම්බන්ධය නිසා ඇය රහස් රැසක් දැන සිටි බව කියැවේ.

ඉක්වදෝර රාජ්‍ය නිලධාරීන් දූෂිත කිරීම පිළිබඳ තොරතුරු ඇය සතුව තිබී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දුරකථනයෙන් සොයාගත් කෙටි පණිවිඩවලින් ඇයට මෙම තොරතුරු ලැබී ඇති බව සඳහන් විය. මෙම ඝාතනයට පෙරාතුව ඇගේ පෙම්වතා නොරෙරෝ බන්ධනාගාර කෝලාහලයකින් මිය ගිය අතර, රහස් දැන සිටි අය අතරින් ඉතිරිව සිටියේ මැය බව කියැවේ.
මියගිය රූ රැජිණ තරගකාරිය ක්‍රීඩා ඇඳුම් සහ භාණ්ඩ ආනයනය කිරීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගිය අයෙකි.
ඉක්වදෝරයේ වත්මන් ජනාධිපති ඩැනියෙල් නොබෝවා අපරාධ කල්ලිවලට එරෙහිව හමුදා බලය යෙදවීමට මේ වනවිට උත්සාහ දරමින් සිටී. ලැන්ඩි පාරගාගේ ඛේදනීය මරණය, අපරාධ ක්‍රියාකාරකම් වක්‍රව සහ සම්බන්ධතා පවත්වන අයට ඇති අන්තරාය ඉස්මතු කරයි.
සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්