Queensland MP says she was drugged and sexually assaulted on night out in her constituency

ඕස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීනී බ්‍රිටනි ලෝගා (Brittany Lauga) තමාට තම කොට්ඨාශයේ රාත්‍රියකදී සිදුවූ අකරතැබ්යක් ගැන සමාජ මාධ්‍ය තුළ හෙළිදරව් කිරීම නිසා ආන්දෝලනයක් මතුව තිබේ. ඇය පවසන්නේ ඇයට කිසියම් ආගන්තුක පිරිසක් මත්ද්‍රව්‍ය ලබා දී ලිංගික අතවර කළ බවයි.
37 හැවිරිදි ලෝගා මහත්මිය සමාජ මාධ්‍යවල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධියෙන් පසු අප්‍රේල් 28 වන දින උදෑසන ඇය පොලිසියට සහ රෝහලට ගිය බවයි.මේ ගැන ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඇය මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා වාර්තා කළ අතර රෝහලේ පරීක්ෂණවලදී ඇයගේ සිරුරේ මත්ද්‍රව්‍ය භාවිත රසායනික තිබී සොයා ගත් බව තහවුරු කර තිබේ. එදිනම රාත්‍රියේ තවත් කාන්තාවන් කිහිපයක්ද මෙවැනි චෝදනා ඉදිරිපත් කර ඇත. ක්වීන්ස්ලන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලමින් සිටින අතර තොරතුරු දන්නා ඕනෑම අයෙකුට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටී.



ආරක්ෂිත සමාජ පරිසරයක අවශ්‍යතාවය ලෝගා මන්ත්‍රීවරිය අවධාරණය කළ අතර සිද්ධියෙන් සුවය ලබන විට මෙම සිදුවීම තුළ පෞද්ගලිකත්වය රකින ලෙස ඉල්ලා සිටියාය. ප්‍රිමියර් ස්ටීවන් මයිල්ස් සහ අමාත්‍ය මීගන් ස්කැන්ලෝන් ඇතුළු දේශපාලනඥයන් සහ නිලධාරීන් ලෝගාට සහය පළ කළ අතර කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දැක තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඕස්ට්‍රේලියාවේ වැඩෙන ප්‍රශ්නයක් වී ඇති අතර එය මෑත කාලීන ඛේදජනක සිදුවීම් වලින් ඉස්මතු වේ. අගමැති ඇන්තනි ඇල්බනීස් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය "ජාතික අර්බුදයක්" ලෙස නම් කළේ සිඩ්නි හි සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් හය දෙනෙකුගේ මරණයට හේතු වූ බව හා ඉන් බහුතරය කාන්තාවන් වීම පදනම් කරගෙනය. වින්දිතයින්ට සහාය වීම සහ කාන්තාවන්ට එරෙහි හිංසනයට මූලික හේතු සොයා බැලීම කෙරෙහි දැන් එරට බලධාරීන් අවධානය යොමු කර ඇත.