wellawaya-incident

වැල්ල­වාය පොලිස් වස­මට අයත් මැද­ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි 11 හැවි­රිදි දැරි­යක් දූෂ­ණ­ය­කට ලක්කළ අස­ල්වැසි විවා­හ­ක­යෙකු පෙරේදා (25) පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

අත­ව­ර­යට පත්වූ දැරිය අස­ල්වැසි නිව­ස­කට ගොස් සැක­ක­රුගේ දිය­ණි­යක් සමඟ සෙල්ලම් කර­මින් සිට ඇත.



දැරිය නි‍ෙවසේ කාම­ර­ය­කට කැඳ­වා­ගෙන ගොස් බිය­වද්දා දූෂ­ණය සිදු කර කිසි­වෙ­කුට හෝ එය පැව­සු­ව­හොත් මරණ බවට තර්ජ­න­ය­කර ඇත. දින කිහි­ප­යක් තුළ අවස්ථා කිහි­ප­ය­කදී මෙලෙස අත­වර කර ඇති බව මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණ­යවී තිබේ.

119 මෙහෙ­යුම් මැදි­රි­යට ලද තොර­තු­රක් මත 49 හැවි­රිදි දෙදරු පියෙකු වන සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන වැල්ල­වාය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු යොදා ඇත. දැරිය වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා වැල්ල­වාය මූලික රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

වැල්ල­වාය පොලිස් ස්ථානා­ධි­පති ටී.එම්. කරු­ණා­ති­ලක මහතා පරී­ක්ෂණ පව­ත්වයි.

ඌව වෙල්ලස්ස ඩී.එස්. ගුණ­ති­ලක