thushari-jayakody-usa-queen

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්‍රහණය කර  අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම ලෝක රූ රැජින  තරඟාවලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 21 දින සිට 25 දින දක්වා පවත්වා තිබුණි.
මෙම ජයග්‍රහණය සදහා ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන් අතර විශාල තරගයක් පැවති බවත් ,

ඔවුන් අතරින් මෙම අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලංකාව ලද විශාල භාග්‍යයක්  බවත් තුෂාරි ජයකොඩි මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ පැවති තරඟාවලියෙන් වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණි.
මෙම ජයග්‍රහණය රැගෙන තුෂාරි ජයකොඩි මහත්මිය මුළින්ම ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට  28 දින අලුයම 05.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ දරු තිදෙනා සහ ශ්‍රී ලංකාවේ මෙම තරඟ සංවිධානය කළ මණ්ඩලයේ සාමාජිකයෙකු ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.