
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (16) සහ හෙට (17) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා ඇත. අප්‍රේල් 14 වනදා දහවල් 12.00 සිට මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වූ අතර අද සහ හෙට දිනයේත් එය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට,
පළාත් ප්‍රවාහන අධිකාරිය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත.ඒ අනුව අම්බලන්ගොඩ, අම්පාර, අනුරාධපුර, බදුල්ල, හලාවත, ඇඹිලිපිටිය, කදුරුවෙල, හැටන්, නුවරඑළිය, වැලිමඩ, නුවර, කුරුණෑගල, මොනරාගල ආදි ප්‍රදේශවලින් මෙම විශේෂ බස් රථ ආරම්භ වේ. එමෙන්ම අධිවේගී මාර්ගය ඔස්සේ මාතර - කොළඹ, මාතර - මාකුඹුර, මාතර - කඩුවෙල, මාතර - කඩවත, මාතර - පානදුර, ගාල්ල - මාකුඹුර, ගාල්ල - කඩුවෙල, ගාල්ල - කඩවත, තංගල්ල - කොළඹ, ඇඹිලිපිටිය - කොළඹ, ඇල්පිටිය - කොළඹ, ඇල්පිටිය - මාකුඹුර, අම්බලන්ගොඩ - මාතර ආදි වශයෙන් බස් රථ ක්‍රියාත්මක වේ. මෙම ප්‍රදේශවලින් සෑම විනාඩි 15ත් 30ත් අතර කාල සීමාව තුළ වරකට බස් රථ පිටත්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval