nuwara-eliya-stroberry

මෙරට පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මා­නය නුව­ර­එ­ළියේ ස්ථාපිත කිරී­මට ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු යොදා තිබේ.



කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් ආරම්භ කෙරෙන මේ ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මා­නය නව තාක්ෂ­ණය යොදා ගනි­මින් අප­න­ය­නය ඉලක්ක කර ගත් නව වගා­වන් කෙරෙහි ගොවි ජන­තාව හුරු කර­වී­මට රජ­යෙන් ආරම්භ කර ඇති වැඩ­පි­ළි­වෙ­ළකි.



මේ වැඩ­පි­ළි­වෙළ යටතේ නුව­ර­එ­ළියේ ගොවීන් 40 දෙනකු තෝරා­ගෙන ඇති අතර, ඔවුන්ට ස්ට්‍රෝබෙරි වගා කිරී­මට රුපි­යල් මිලි­යන 30ක් ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව සප­යයි. එම ගොවීන්ට අවශ්‍ය ස්ට්‍රෝබෙරි පැළ, වගාව සඳහා නව තාක්ෂ­ණය සහ ජල සම්පා­දන කට­යුතු ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සැප­යීම සිදු කෙරේ.

විශේ­ෂ­යෙන් මේ වගා­වේදී ගොවි­ය­කුට රුපි­යල් ලක්ෂ 13ක පමණ මුද­ලක් වැය වන අතර, එයින් රුපි­යල් 750,000ක් ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් නැවත අය කර­ගැ­නී­ම­කින් තොරව දීමට කට­යුතු යොදා තිබේ. ඉතිරි ලක්ෂ 06ක මුදල අදාළ වගා­වෙහි නියුතු ගොවීන් විසින් දරයි.



නුව­ර­එ­ළියේ ආර­ක්ෂිත ගෘහ තුළ මේ ස්ට්‍රෝබෙරි වගාව සිදු කරන අතර, ආර­ක්ෂිත ගෘහ 40ක් මේ වන විට සකස් කර ඇත. මේ ආර­ක්ෂිත ගෘහ සිය­ල්ලම සම්පූ­ර්ණ­යෙන්ම ස්වයං­ක්‍රි­යව දුරස්ථ පාලන යෙද­වු­ම­කින් ක්‍රියා­ත්මක කළ හැකිවේ. මේ වගා­වට අවශ්‍ය ස්ට්‍රෝබෙරි පැළ මේ මස අව­සන් වීමට ප්‍රථම ආන­ය­නය කිරී­මට කට­යුතු යොදා තිබේ. එක් ආර­ක්ෂිත ගෘහ­යක් තුළ දළ වශ­යෙන් ස්ට්‍රෝබෙරි පැළ 300ට වැඩි ප්‍රමා­ණ­යක් වගා කරනු ලබයි. එම පැළ මෙර­ටට ලැබුණු විගස වගාව ආරම්භ කිරී­මට පිය­වර ගන්නා බව ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් එච්.එම්. ඒ. එල්. අබේ­රත්න මහතා පව­සයි. මේ ස්ට්‍රෝබෙරි වගාව දේශීය වශ­යෙන් මෙන්ම අප­න­ය­නය ද ඉලක්ක කර­මින් වගා කිරී­මට නිය­මිත අතර, ගොවී­න්ගෙන් අස්වැන්න මිලදී ගැනී­මට අවශ්‍ය පහ­සු­කම් ද ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් මේ වන විටත් සංවි­ධාන කර ඇත.
(බුද්ධිකා ඉඹු­ලාන)