nallathanniya-incident

නල්ලතන්නිය හින්දු කෝවිලේ දානය විෂ වි බැතිමතුන් 100 කට ආසන්න පිරිසක් රොහල් ගත ර ඇතැයි වාර්තාවේ.
නලලතන්නිය පොලිස් වසමට අයත්, ලක්ෂපාන තේවතුයායේ වාලමලේ කොටසේ පහිටි ශ්‍රී මුත්තු මාරි  අම්මන් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට කෝවිලෙන් (07) දා දහවල් ලබා දුන්   දන්සලේ ආහාර විෂ වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කළ බව  පොලිසිය පවසයි.

මෙම රෝගි පිරිස අතර කුඩා ළමයින් හා වතු කම්කරු කාන්තාවන් හා පිරිමින් පිරිසක් සිටිති.


(07) දා  දන්සැලේ ආහාර අනුභව කිරීමෙන් අනතුරුව පිරිසකට  එදින පස්වරු 06.00 ට පමණ වමණය හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව මෙම පිරිස මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
රෝහල් ගත කර පිරිසගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.40 කට ආසන්න පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ  වෛද්‍යවරු පැවසුහ.


(සටහන හා ඡායාරූප මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)