moragahahena-woman-burned-death

ඉඩම විකුණා ගැනී­මට ඉඩ නොදු­න්නැයි උරණ වී අස­ල්වැසි නිවෙ­සක පුද්ග­ල­යකු විසින් සිරු­රට ගිනි තැබී­මෙන් බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ග­තව සිටි ව්‍යාපාරික කාන්තා­වක සිව් දින­කට පසු පෙරේදා (27) මිය­ගිය බව මොර­ග­හ­හේන පොලි­සිය පව­සයි.

සිද්ධි­යෙන් මිය ගොස් තිබුණේ මොර­ග­හ­හේන, වීදි­ය­ගොඩ, මොහො­ට්ටි­ගොඩ තක්ෂිලා උද්‍යා­නයේ පදිං­චිව සිටි එච්.ඒ. ධන­පාලි නමැති 69 හැවි­රිදි එක්දරු මවකි.

සිද්ධි­යට සම්බන්ධ සැක­කරු සිද්ධි­යෙන් පසු වැල්ල­වාය ප්‍රදේ­ශයේ ඥාති නිවෙ­ස­කට පලා ගොස් සැඟව සිට යළි පදිං­චිව සිටි නිවෙස වෙත පැමිණ, එම ඉඩම රු. ලක්ෂ 50ක මුද­ල­කට පුද්ග­ල­ය­කුට විකුණා පලා යමින් සිටි­යදී කුඹුක ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කළේය. පිලි­ස්සුම් තුවාල ලද කාන්තා­වගේ නිවෙස ආස­න්න­යේම පදිංචි සැක­කරු ඔහුට අයත් නිවෙස සහ ඉඩම කලක සිට විකි­ණීම සඳහා උත්සහ දරා ඇති අතර, මුල් දින­වල එය රු. ලක්ෂ 60ක මුද­ල­කට විකු­ණන බව ප්‍රචා­රය කර ඇති අතර, එම අව­ස්ථා­වේදී ගැනු­ම්ක­රු­වකු ඉදි­රි­පත් නොවී ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

පසු­කා­ලී­නව ප්‍රදේ­ශයේ දියු­ණු­වත් සම­ඟම නිවෙස සහ ඉඩම රු. ලක්ෂ 80කට විකු­ණන බව පවසා සැක­කරු විවිධ පාර්ශ­ව­යන් අතර ප්‍රචා­රය කර ඇති අතර, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මීට සති­ය­කට පමණ ඉහ­තදී ගැනු­ම්ක­රු­වකු ඉදි­රි­පත් වී ඒ වෙනු­වෙන් සැක­ක­රුට රු. ලක්ෂ 3ක අත්ති­කා­රම් මුද­ලක් ලබා දී ඇතැයි පොලි­සිය කියයි. එම ගැනු­ම්කරු මිය­ගිය කාන්තා­වට අහ­ම්බෙන් හමු වී ඇති අතර,

ඇය ඔහු සමඟ ඉඩම ලක්ෂ 60කට විකි­ණී­මට තිබූ ඉඩ­මක් බවත්, ලක්ෂ 80කට මිලදී ගන්නේ ඇයි දැයි විමසා ඇත. එම කාර­ණය දැන ගැනී­මත් සම­ඟම ගැනු­ම්කාර පුද්ග­ලයා ඉඩම් හිමියා (සැක­කරු) හමු වී මේ බව පවසා තිබේ. අන­තු­රුව ගැනු­ම්කරු ඔහුට එම මුද­ලට ඉඩම අන­වශ්‍ය බව පවසා ලබා දුන් අත්ති­කා­රම් මුදල් (සැක­ක­රු­ගෙන්) ඉඩම් හිමි­යා­ගෙන් නැවත ඉල්ලා ඇතැ­යිද, එම අව­ස්ථා­වේදී ඉඩම් හිමි සැක­කරු තමන්ට එම මුදල විය­දම් වූ බවත්, ඉඩම විකි­ණී­මෙන් පසු මුදල් නැවත ලබා­දිය හැකි බවත් පවසා ඇත. මෙයින් දැඩි කෝප­යට පත් සැක­කරු ඉකුත් 24 දා සවස මන්නා පිහි­යක් සහ පෙට්‍රල් පිරවූ බෝත­ල­යක් රැගෙන තාප්ප­යෙන් පැන කාන්තා­වගේ නිව­සට ඇතුළු වී ඇයගේ සිරු­රට පෙට්‍රල් විසි­කර ගිනි තබා පලා ගොස් තිබූ බව පොලි­සිය කියයි. එම අව­ස්ථා­වේදී කාන්තාව නිවෙසේ නාන කාම­රයේ හිස­කෙස් කළු කර­මින් සිට ඇති බව සැක­ක­රුගේ පාපෝ­ච්චා­ර­ණ­ය­කින් අනා­ව­ර­ණය වී ඇත. කාන්තා­වට ගිනි තැබී­මත් සම­ඟම කල­බ­ල­යට පත් වූ සැක­කරු කාන්තාව මිය යන්නට ඇතැයි සිතා ඔහු රැගෙන ආ මන්නා පිහි­යද නාන කාම­රයේ ඉදි­රි­පිට පුටු­වක් මත දමා ගොස් තිබූ බව පොලි­සිය කියයි. සැක­කරු මන්නා පිහිය සහ පෙට්‍රල් බෝත­ලය රැගෙන තාප්ප­යෙන් පැන කාන්තා­වගේ නිව­සට ඇතුළු වන අයුරු එම කාන්තා­වගේ නිවෙසේ සවි­කර තිබෙන සීසී­ටීවී කැම­රාවේ සට­හන්ව තිබී ඇත.

පිලි­ස්සුම් තුවාල ලද කාන්තාව දන්නා හඳු­නන නිවෙ­සක පුද්ග­ල­ය­කුට ඇම­තු­මක් ලබා දී සැක­ක­රුගේ නම පවසා ඔහු පෙට්‍රල් දමා ගිනි තැබූ බවට පවසා තිබූ අතර, ඔහු බිරිය සමඟ පැමිණ ඇයව ත්‍රිරෝද රථ­ය­කින් රෝහ­ල්ගත කිරී­මට උත්සාහ දරා ඇතත්, එලෙස ගෙන­යා­මට අප­හසු වූ බැවින් 1990 සුව­සැ­රිය ගිලන් රථ­යෙන් හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කර තිබේ. එම රෝහලේ පැය කීප­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි කාන්තාව ඇයගේ එකම පුතු විසින් වැඩි­දුර ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙ­න­ගොස් තිබූ අතර, දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙරේදා දහ­වල් ඇය මිය­ගොස් තිබූ බව පොලි­සිය කියයි.

පාන­දුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී චමිල් රත්නා­යක මහ­තාගේ උප­දෙස් මත මොර­ග­හ­හේන පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තුසිත වික්‍ර­ම­රත්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ඩබ්.එම්.සී මධු­ශංක, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (99257) ජය­ති­ලක, (20837) ප්‍රදීප්, (93389) ජය­ව­ර්ධන මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.

 (බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ, හල්තොට - විනීතා මානෙල්)