
තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් සිලින්ඩරයක් ඇග මතට පෙරළී බරපතළ ලෙස තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (4දා) ජීවිතක්ෂයට පත් වී ඇති බව මස්කෙළිය පොලීසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ගාඩිමෝර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්. අනිෂත් නමැති (අවු.11) පාසල් සිසුවෙකි.ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ (4දා) පස්වරු 1.30 ට පමණ වැසිකිළිය වෙත යෑම සදහා පැමිණි අවස්ථාවේ පාසල් භූමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් සිලින්ඩරයක් පෙරළී පාසල් සිසුවාගේ සිරුර මත වැටීමෙන් වැසිකිළි බිත්තියට සිරවී ඔහු බරපතළ ලෙස තුවාල ලබා ඇත. පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසීන් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය විමශ්නයක් ආරම්භ කර ඇත.
රංජිත් රාජපක්ෂ
Comments
Post a Comment
Your comment will be visible after approval